Description
ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමේ දී, හුදෙක් භාෂාත්මක තොරතුරු පමණක් නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
Reviews
There are no reviews yet.